දැන්වීමයි
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා, කළමනාකරණ,
ව්‍යවහාරික විද්‍යා, ඉංජිනේරු, තාක්ෂණ හා වෛද්‍ය පීඨය ආදි සියළුම පීඨවල සිසුන් වෙත
2019/2020 අධ්‍යයන වර්ෂය (2021-වර්ෂය) වෙනුවෙන් නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් සඳහා 2020.10.05 දින සිට නේවාසිකාගාර අයදුම්පත් නිකුත් කරණු ලැබේ. නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් http://welfare.sjp.ac.lk/ විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය හරහා අයදුම්පත් ලබාගෙන 2020.11.05 දිනට පෙර ශිෂ්‍ය සුභසාධක අංශයේ තබා ඇති පොතෙහි භාරදුන් බවට අත්සන් කොට භාරදිය යුතුවේ.
සැ.යු.
- නේවාසිකාගාරයන්හි පවතින්නේ සීමිත ඉඩපහසුකම් ප්‍රමාණයක් පමණක් වන බැවින් නේවාසිකාගාර පහසුකම් ලබාදීම ලකුණු ලබාදීමේ ක්‍රමයක් මත සිදුවේ.
- නේවාසිකාගාර අයදුම්පත් ප්‍රාදේශිය ලේකම් හා ග්‍රාමසේවක මඟින් සහතික කර තිබිය යුතු අතර එසේ සහතික නොකරන ලද අයදුම්පත් වෙතොත් ඒවා ප්‍රතික්ෂේප කරණු ලැබේ.
- ඔබ සමෘද්ධිලාභි පවුලක ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් නම් අදාල සමෘද්ධි සහතිකය තම ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරිගෙන් හා ප්‍රාදේශීය ලේකම් මඟින් සහතික කර තිබිය යුතුය.
- වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නේ නම් අදාල වෛද්‍ය වාර්තාව රජයේ වෛද්‍යවරයෙකු මඟින් සහතික කර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරිතුමිය /තුමා මඟින් සහතික කර තිබිය යුතුවේ.
- සියළුම අයදුම්කරුවන් විසින් ශිෂ්‍ය සුභසාධක අංශයෙහි තබා ඇති පොතෙහි අදාල අයදුම්පත් බාරදුන් බවට සටහන් කළ යුතුය.
- නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් කවර හේතුවක් මත හෝ බාරනොගන්නා අතර අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරණු ලැබේ.
- අයදුම්පත් ඉදිරිපත් නොකරන කිසිම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට නේවාසිකාගාර පහසුකම් ලබානොදෙන බව කරුණාවෙන් සලකන්න.
නියෝජ්‍ය ලේඛකාධිකාරි/ශිෂ්‍ය සුභසාධක අංශය
2020.10.05